අන්තර්ජාලය හා පරිගණක භාවිත කරන අපි අනිවාර්යෙන්ම දැනගත යුතුම විද්‍යාඥයන් පිරිසක් පිළිබඳවයි ඔබට දැන් කියන්න යන්නේ,
ක්‍රමලේඛ භාෂාවන්හි ප්‍රමුකයන් ලෙස අපිට මොවුන් හඳුනා ගත හැක.
Charles Babbage |
මේ ඉන්නේ චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස මොහු හඳුන්වයි.මොහු ඩිෆරන්ස් එන්ජින් හා ඇනලටිකල් එන්ජින් යන සංකල්ප ලොවට පහල කළේය.ක්‍රමලේඛණ ගත කල හැකි යාන්ත්‍රක බුද්ධියක් ලොවට මුලින්ම පහල කලේ මොහුය.
Ada Lovelace |
ලොව ප්‍රථම ක්‍රමලේඛණය ලිවීමේ ගෞරවය මැයට හිමිවේ.ඒ චාල්ස් බැබේජ් ගේ ඇනලටිකල් එන්ජින් සඳහා ලියු කේතය හේතුවෙනි.දක්ෂ ගණිතඥ වරියක් වන මැය ලියු ක්‍රමලේඛණය ලොව ප්‍රථම ක්‍රමලේඛණයලෙස සැලකේ.
John von Neumann |
වර්තමාන පරිගණකයේ ආකෘතිය ලෙස සැලකෙන වොන් නියුමාන් සංකල්පය මොහුගේය.දත්ත හා උපදෙස් දෙවර්ගයම ස්ථිරව කොට තබා ප්‍රොසෙසරයට අවශ්‍ය විට ඒවා ලබා ගෙන ගණිතකර්ම කිරීම මොහුගේ සංකල්පයයි.
Dennis Ritchie |
C පරිගණක භාෂාවේ පිය ලෙස මොහු සැලකේ.යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මුල් පෙළ නිර්මාණ කරුවෙකු වන මොහු 1983 දී ටියුරින් සම්මානයෙන් පිදුම් ලැබිය.
Alan Turingඇල්ගොරිදම හා පරිගණකය යන සංකල්ප ලොවට දායාද කලේ මොහුය.ලෝකයේ සුප්‍රසිද්ධ ටියුරින් පරීක්ෂණය මොහුගේය.අද වන විටත් මොහුට කරන ගරු කිරීමක් ලෙස වාර්ෂිකව ටියුරින් සම්මානය ලබාදෙයි. |
No comments:
Post a Comment