
ඊට අමතරව,
- බයෝස් වැඩසටහන ස්‌වයං පරීක්ෂණයට භාජනය කිරීම.
- පරිගණකය සතු ප්‍රධාන මතකය පරීක්ෂා කර බැලීම.
- මුලික දර්ශන තිර ලබාදීම.
- පරිගණකය බුට් කරවීම.
- පරිගණකයට සවි කර ඇති උපකරන හඳුනා ගැනීම.
- මෙහෙයුම් පද්ධතිය ධාවනයට අවශ්‍ය මුලික පසුබිම සාදාගැනීම.
යනාදී දේවල්ද සිදුවේ.
මෙම බීප් හඬ මගින් අපට පරි ගණකයේ ඇති දෝෂ හඳුනා ගත හැක,
- කෙටි බීප් හඬ - දෝෂ නොමැත.
- බීප් හඬ නැත - බල සැපයුමේ හෝ මව්පුවරුවේ දෝෂයක් ඇත.
- නොනවතින බීප් හඬ - බල සැපයුමේ,මව්පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයක් ඇත.
- නැවත නැවත මතුවන බීප් හඬ - මෙමරියේ දෝෂයකි.
- එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬක් - මව්පුවරුවේ දෝෂයක් ඇත.
- එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝෂයක්.
- එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬ තුනක් - ග්‍රැෆික් ඇඩප්ටරයේ දෝෂයක්.
- දිගු බීප් හඬ තුනක් - යතුරු පුවරුවේ දෝෂයකි
- නොනවතින උස පහත් හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය රත් වී ගෙන එන බව පවසයි.
- කෙටි බීප් හඬ දෙකක් - POST / CMOS හි දෝෂයක්
No comments:
Post a Comment