ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 7 පරිච්ඡේදය )

  ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් 



                      ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් යොදාගත් විට යම් වේරියබල් එකක අගය අඩු හෝ වැඩි කල හැක.
මෙහිදී  අදාල වේරියබල් එකෙහි දැනට ඇති අගය එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම කරනු ලැබේ,
ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර් පහත වේ,

  •  + +    -  ඉන්ක්‍රිමන්ට් ඔපරේටර්
  •   - -     -  ඩික්‍රිමන්ට් ඔපරේටර්

 පහත කෝඩ් එක අධ්‍යනය කිරීමෙන් තවත් අපිට මේ ගැන වටහා ගත හැක,

<html>
<body>
<h1> Increment and Decrement </h1>

<script type="text/javascript">
var a= Number(15);
var b= Number(10);

 
document.writeln(++a); 
document.writeln(--b);


</script>
  

</body> 
</html>



මෙය ඔබට මෙසේ දිස්වේ,

ඔපරේටර් භාවිතාවේදී මුලිකත්වය දෙන අනුපිළිවෙළ මෙසේයි,

ඔපරේටර් කිහිපයක් එක තැන භාවිතයේදී ඒවා එකිනෙකට ලැබෙන ප්‍රමුකතාවය එකිනෙකට වෙනස් වේ,

මෙම ප්‍රමුකතාවය වෙනස් වුවහොත් ඔබට පිළිතුර නොලැබේ,

  •  ( )             - වරහන්
  • + + ,- -      - ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් ඔපරේටර්
  • * , / , %     - වැඩි කිරීම්,බෙදීම්,ප්‍රතිශත 
  • > , < , >= ,<= - විශාල,කුඩා,විශාල හෝ සමාන,කුඩා හෝ සමාන 
  • == ,!= - සමාන,අසමාන
  • ! (Not) 
  • && (and)
  • || (or)


මෙම සියලු දේ ඔබට පහත කෝඩය අධ්‍යනය මගින් උගත හැක,


<html>
<body>
<h1> Operators </h1>

<script type="text/javascript">
var a= Number(15);
var b= Number(10);

 
document.writeln((a+b)*2); 

</script>
  
</body> 
</html>




 මෙය ඔබට මෙසේ දිස්වේ,


 

No comments:

Post a Comment