ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 6 පරිච්ඡේදය )

රිලේෂනල් ඔපරේටර්ස්  ගැන දැනගමු, 

මෙය  භාවිත කරන්නේ වේරියබල් කිහිපයක් පරීක්ෂා කොට බලා එහි සත්‍ය අසත්‍ය බව තේරුම් ගැනීමටයි,

මෙහිදී TRUE සහ FALSE යන පිළිතුරු ලබා ගත හැක,



එවැනි ජාවා ස්ක්‍රිප්ට් තුල යොදවන රිලේෂනල් ඔපරේටර්ස් කිහිපයක් ගැන අපි අවදානය යොදවමු,

  •  ! = අසමාන - දී ඇති කොන්දේසි දෙකක් හෝ ඊට වැඩි ගණනක් අසමාන නම් මෙහි පිළිතුර ලැබෙන්නේ සත්‍ය ලෙසටයි,
  •  = = සමාන - දී ඇති කොන්දේසි දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමාන බව මෙයින් ප්‍රකාශ කරයි.මෙහිදී සියලු කොන්දේසි සත්‍ය නම් පමණක් සත්‍ය ලෙස පිළිතුර ලැබෙයි,
  • > - දී ඇති කොන්දේසි දෙකකින් එක කොන්දේසියකට වඩා අනෙක් කොන්දේසිය විශාල බව ප්‍රකාශ කිරීම සඳහා මෙය යොදා ගනී,මෙහි එක් කොන්දේසියකට වැඩ අනිත් කොන්දේසිය විශාල නම් සත්‍ය ලෙස පිළිතුරු ලැබෙයි,

  • < කුඩා - දී ඇති කොන්දේසි දෙකකින් එක් කොන්දේසියකට වඩා අනෙක් කොන්දේසිය  කුඩා බව මෙයින් ප්‍රකාශ කිරීමට මෙය භාවිත කරයි,

  • > = විශාල හෝ සමාන - දී ඇති කොන්දේසි දෙකකින් එක් කොන්දේසියකට වැඩ අනෙක් කොන්දේසිය විශාල හෝ සමාන බව ප්‍රකාශ කිරීමට මෙය යොදා ගනී.

  •  < = කුඩා හෝ සමාන බව - දී ඇති කොන්දේසි දෙකෙන් එක කොන්දේසියකට වැඩ අනෙක් කොන්දේසිය කුඩා හෝ සමානයි නම් මෙය යොදා ගැනේ,



පහත කෝඩ් එක අධ්‍යනය මගින් ඔබට තවත් මේ ගැන වටහා ගත හැක,

<html>
<body>
<h1> Relational Operators </h1>

<script type="text/javascript">
var a= Number(5);
var b= Number(10);
document.writeln(a!=b); 
document.writeln(a==b);
document.writeln(a>b); 
document.writeln(a<b); 
document.writeln(a>=b); 
document.writeln(a<=b); 
</script> 
</body> 
</html>


මෙය ඔබට මෙසේ දිස්වේ.






 

No comments:

Post a Comment