ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 4 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් වෙරියබල්,ඩේටා ටයිප් සහ ඇරේ ගැන දැනගමු

                        සෑම පරිගණක ක්‍රමලේක භාෂාවක් වගේම ජාවාස්ක්‍රිප්ට් වලත් වේරියබල් යොදා ගැනේ.එසේ යොදාගන්නේ පරිගකයෙහි මතකය තුල තාවකාලිකව දත්ත ගබඩා කිරීමටයි. ජාවාස්ක්‍රිප්ට් සමග වේරියබල් භාවිතා කිරීම මගින් උසස් මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කර ගත හැක.

වේරියබල් එක තුල අකුරු,ඉලක්කම්,සත්‍ය හෝ අසත්‍යතාවය මත පදනම්වූ විස්තරයක්ද යන්න තීරණය වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඩේටා ටයිප් එක අනුවයි.



දැන් අපි බලමු වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා.........,

වේරියබල් එකක් පොදු ආකෘතිය මෙසේ දැක්විය හැක.

var Name=String;

var - වේරියබල් එකක් සැකසීමට අරඹ වන බව ජාවාස්ක්‍රිප්ට් ඒකට දන්වා සිටියි.

Name -  වේරියබල් එක සඳහා ඔබ ලබා දී ඇති  නම එමගින් දක්වයි.

String - යනු මෙහි ඩේටා ටයිප් එකයි. (මෙමගින් වේරියබල් තුලට ඇතුලු කරන දත්ත හා ඒවාගේ ප්‍රමාණයන් ගැන තීරණය කරයි)

                   වේරියබල් එකක් සඳහා අපි නමක් ලබා දීමේදී සැලකිය විය යුතු කරනු කිහිපයක් පවතී.

  •     අකුරකින් පමණක් ආරම්භ කල යුතු වෙයි.
  •      %,&,!,# වැනි ලකුණුද භාවිතා කල නොහැක.
  •     උපරිම අකුරු ප්‍රමාණය අකුරු 225 සීමා වේ.
  •     ඔබ ලබා දෙන නමෙහි වචන දෙකක් අතරට හිස ඉඩක් තැබිය නොහැක ඒ වෙනුවට ( _ ) භාවිතා කල යුතු වෙයි.
     ජාවාස්ක්‍රිප්ට් තුල භාවිතා වන කීවර්ඩ් එකක්  වේරියබල් එකක නමක් ලෙස භවිතා කල නොහැක. 
  •  ජාවාස්ක්‍රිප්ට් තුල භාවිතා වන කීවර්ඩ් මෙසේයි.

break,else,new,var,case,finally,return,void,catch,for,switch,while,
continue,funtion,this,with,default,if,throw,delete,in,try,do,instance of,type of

යනාදියයි.

අපි දැන් බලමු ඩේටා ටයිප් කියන්නේ මොකක්ද කියලා............,

      ජාවාස්ක්‍රිප්ට් තුල භාවිතා වන ඩේටා ටයිප් තුනක් ඇත.

ඒවා පහත වේ......,

String - අකුර,සංකේත හා ඉලක්කම් ගබඩා කිරීමට භාවිතා කරයි.(මෙහි ගබඩා කරන ඉලක්කම් ගණනය කිරීම් සඳහා භාවිතා කල නොහැක)

Number -  ජාවාස්ක්‍රිප්ට් තුල අංක ගබඩා කිරීමට‍ යොදා ගන්නා ඩේටා ටයිප් එකයි.(මෙහි ගබඩා කරන අංක ගණනය කිරීම් සඳහා භාවිතා කල හැක)

සත්‍ය  අසත්‍යතාවය ගණනය සඳහා ජාවාස්ක්‍රිප්ට් තුල භාවිතා කරන්නේ බූලියන් ඩේටා ටයිප් එකයි.

මීට අමතරව  Object,Array,Null,Undefined යන ඩේටා ටයිප් භාවිත කල හැක.

    අපි දැන් බලමු ඩේටා ටයිප් භාවිත කරන හැටි,

කලින්  පරිච්ඡේදයෙහි කියා දුන් පරිදි මෙම කෝඩ් එක නෝට් පෑඩයෙහි ටයිප් කර සේව් කරගන්න.

<html>
<body>
<h1> Hassiya 1 </h1>

<script type = "text/javascript">
var firstname = String;
firstname = (" Hassiya ")
document.writeln(firstname);

</script>

 
</body>
</html>


මෙය පහත පරිදි ඔබට දිස් වේ.


    අපි දැන් බලමු නම්බර් ඩේටා ටයිප් භාවිතා කරන හැටි.

            ජාවාස්ක්‍රිප්ට් තුල භාවිතා නම්බර් ඩේටා ටයිප් කරන ආකාරය ගැන දැන් අපි අවබෝධ කරගමු.

<html>
<body>
<h1> Hassiya 2 </h1>

<script type = "text/javascript">
var Marks = Number(55);
document.writeln(Marks);

</script>


</body>
</html>


මෙය පහත පරිදි ඔබට දිස් වේ.


          මීට අමතරව වේරියබල් දෙකක් තුල වෙන වෙනම අංක ගබඩා කොට ඒවා යම් ගණනය කිරීමක් සඳහා ලබා ගත හැක.

ඒ  සඳහා මෙම කෝඩ් එක භාවිත කරන්න.

<html>
<body>
<h1> Hassiya 3 </h1>

<script type="text/javascript">
var Marks1 = Number(30);
var Marks2 = Number(65);
document.writeln(Marks1 + Marks2);

</script>
</body>
</html>


මෙය පහත පරිදි ඔබට දිස් වේ.



    අපි දැන් බලමු බූලියන් ඩේටා ටයිප් භාවිතා කරන හැටි.

              ජාවාස්ක්‍රිප්ට් තුල බූලියන් ඩේටා ටයිප් කරන ආකාරය ගැන දැන් අපි අවබෝධ කරගමු.

<html>
<body>
<h1> Hassiya 4 </h1>

<script type="text/javascript">
var bool1 = Boolean(true);
var bool2 = Boolean(false);
document.writeln(bool1 == bool2);

</script>
</body>
</html>


මෙය ඔබට මේ ආකාරයෙන් දිස්වේ.




ඇරේස්

 var hassiya =new Array(6);

මෙය ඇරේ එකක පොදු ආකෘතියයි.

hassiya - මෙය ඇරේ එකෙහි නමයි.

new Array - මෙය ඇරේ එක ආරම්භ කිරීම සඳහා යොදා ගැනේ.

6  - මෙය මෙහි එලිමන්ට් ගණනයි.(මෙමගින් ඇරේ එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් ගණන තීරණය කරයි.







<html>
<body>
<h1> Hassiya 5 </h1>

<script type="text/javascript">
var Hassiya = new Array (2);
Hassiya[0] = 15;
Hassiya[1] = 25;
document.writeln(Hassiya[0] +  Hassiya[1]);

</script>
</body>
</html>

 මෙය ඔබට මේ ආකාරයෙන් දිස්වේ.

 


 ( 4 පරිච්ඡේදය )

ඔපරේටර්ස් භාවිතා කරන හැටි.


No comments:

Post a Comment