ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 3 පරිච්ඡේදය )

ජාවාස්ක්‍රිප්ට් තුල ඔපරේටර්ස් භාවිතා කරන හැටි.

ඕනෑම  ක්‍රමලේඛ භාෂාවක මෙහෙයුම් සංකේත හෙවත්  ඔපරේටර්ස් භාවිත කරයි.මේවා භාවිත කරන්නේ ගණිතකර්ම සහ සැසදීම් කර ගැනීමටයි.

දැන් අපි බලමු,
         මැතමැටිකල් ඔපරේටර්ස් ගැන,

( + ) - ඉලක්කම් දෙකක් එකතු කර ගැනීමට හෝ වචන දෙකක් එක ළඟ පෙන්වීමට.
( - )  -  ඉලක්කම් දෙකක් අඩු කිරීමට.

( * )  - ඉලක්කම් දෙකක් වැඩි කිරීමට.

( / )   - ඉලක්කම් දෙකක් තවත් ඉලක්කමකින් බෙදීමට භාවිත කරයි.

( % ) - එක් ඉලක්කමකින් තවත් ඉලක්කමක් බෙදා,ඉතිරිය ලබා ගැනීම සඳහා.

      තව දුරටත් මැතමැටිකල් ඔපරේටර්ස් ගැන දැනගන්න පහත කෝඩ් එක අධ්‍යනය කරමු.

<html>
<body>
<h1>Mathematical Operators</h1>
<script type="text/javascript">

var Marks1= Number(25);
var Marks2= Number(15);

document.write(Marks1 +  Marks2 +"<br>");
document.write(Marks1 -  Marks2 +"<br>");
document.write(Marks1 /  2+"<br>");
document.write(Marks1 +  5+"<br>");
document.write(Marks1 %  Marks2+"<br>"); 

</script> 


</body>
</html>


මෙය ඔබට මෙසේ දිස්වේ.









දැන් අපි බලමු,
         එසයින්මන්ට් ඔපරේටර්ස් ගැන,

         එසයින්මන්ට් ඔපරේටර්ස් භාවිත කල හැකි අවස්ථා කිහිපයක් අපි අධ්‍යනය කරමු,


( = )  -  සාමාන්‍ය සමාන කිරීම් සඳහා භාවිතා වෙන අවස්ථාව.

( + = ) - එකතු කිරීම් සමඟ සමාන ලකුණ භාවිත වන අවස්ථාව.

( - = )  -  අඩු කිරීම සමඟ සමාන ලකුණ භාවිත වන අවස්ථාව.

( * = )  - වැඩි කිරීම සමඟ සමාන ලකුණ භාවිත වන අවස්ථාව.

( / = )  - බෙදීම සමඟ සමාන ලකුණ භාවිත වන අවස්ථාව.

( % = )  - ප්‍රතිශත ලකුණ සමඟ සමාන ලකුණ භාවිත වන අවස්ථාව.

   
      තව දුරටත්  එසයින්මන්ට් ඔපරේටර්ස් ගැන දැනගන්න පහත කෝඩ් එක අධ්‍යනය කරමු.


<html>
<body>
<h1>Assignment Operators</h1>

<script type="text/javascript">
var a = Number(100);
var b= Number(5);
document.write(a+=b);
document.write(a-=b);
document.write(a*=b);
document.write(a/=b);
document.write(a%=b);  
</script>

</body> 
</html>

මෙය ඔබට මෙසේ දිස්වේ.
  



No comments:

Post a Comment