YouTube තුල මුහුණු සැඟවීමේ තාක්‍ෂණයක් ප්‍රථම වරට එලි දකී.......,

        ලෝකයේ දැවැන්තම හා ජනප්‍රියම වෙබ් සේවයක් වන You Tube තම සේවා දායකයින්ට නවතම අංගයක් හඳුන්වා දෙනු ලැබුවා,
ඒ Face Blurring Feature ලෙසින් හඳුන් වන අංගයයි.
මෙමගින්  ඔබට ඔබ Share කිරීමට යන වීඩියෝ වෙහි යම් අයෙකුගේ මුහුණ බොඳ වුන ස්වරුපයෙන් සකසා Share කිරීමට හැක.

Video Sharing ඉතිහාසයේ නවමු පිටුවක් මෙමගින් පෙරලන බවට YouTube සේවාව පවසනවා.
මෙම සේවාව ලබා ගැනීම ඉතා පහසුය.

ඔබ Share කල වීඩියෝ එක දාවනය වන විට එහි ඇති Enhancements ටැබ් එක වෙතට ගොස් පහතින් ඇති Additional Features යන්න තෝරන්න ඒ සැකසුම් අතරින් "Blur All Faces" තෝරන්න එමගින් ඔබ  Share කල වීඩියෝවෙහි මුහුණු බොඳවූ ස්වරුපයක් පෙන්වයි.

ඔබට මෙසේ මෙම Blur All Faces යන නවතම අංගය දැක ගත හැක.



බ්ලොග් පොස්ට් එකක් සමගින් නැවතත්  හමුවෙමු...............,

No comments:

Post a Comment