කව්රුත් කතා කරන 3D තාක්ෂණය ක්‍රියාකරන ආකාරය


         දැන් අලුත් තාක්ෂණය ගැන කතා කරන විට කතා කරන්නම ඕන  දෙයක් තමයි 3D තාක්ෂණය කියන්නේ, ලංකාවෙත් දැන් දැන් 3D TV වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්,

අපි දැන් බලමු කොහොමද මේ 3D තාක්ෂණය ක්‍රියා කරන්නේ කියලා,


  • ඇස් දෙක සඳහා වෙන වෙනම රූපාවලි දෙකක් එකම තිරයකට ප්‍රක්ෂේපනය කරනු ලබයි.
  • මෙම  වෙනස් රුපාවලි දෙකෙහි දෘෂ්ටි කෝණය එකිනෙකට මදක් වෙනස් ලෙස සැකසී තිබේ.
  • ඇසෙහි පළඳින වර්ණ දෙකෙහි විශේෂ කණ්ණාඩිය මගින් එක් එක් ඇස සඳහා වර්ණ පෙරීමකට ලක් කරන අතර මේ විශේෂ උපාය නිසා එක් එක් අස වෙත රූප රාමුව එකී නෙකට වෙනස් වේ.

  •  පෙර දැක්වූ ආකාරයෙන්ම රූපාවලි දෙකක් සම-මුහුර්තයෙන්ම  ආකාරයට එකම තීරයකට ප්‍රක්ශේපනය කරනු ලබයි.
  • මෙම රූපාවලි සඳහා වන දෘෂ්ටිකෝණ හා ධ්‍රැවීයකරණය සැකසී තිබේ.
  • ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි මගින් ඉහත රූපාවලි දෙකෙන් එකක් පමණක් පෙර එක් ඇසකට ලබාදීම සිදී කරයි.
  • පෙර පරිදිම ඔබේ මොලයේ දෘශ්‍ය කොටස මගින් මෙම රූපරාමු දෙක එක්කොට සකසා ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි.
 

 
 ( රතු පැහැය - දකුණු දර්ශකය | නිල් පැහැය - වම් දර්ශකය )
 



  •  වෙනස් දෘෂ්ටිකෝණ සහිත රූපාවලි දෙකක් Interlaced ආකාරයට එකම මොහොතකදී තිරයක් මතට ගැනේ.
  • අසම්පාත බාධකය ලෙස හඳුන්වන සුක්ෂම දික් සිදුරු ආකාරයේ විශේෂ ෆිල්ටර් උපක්‍රමයක් මගින් එක් එක් ඇස සඳහා වෙනස් දෘෂ්ටි කෝණ සහිත පික්සල පමණක් පෙනෙන්නට සලස්වයි.
  • ඔබේ  මොළය මගින් මේ වෙනස් දර්ශන ත්‍රිමාණ අවකාශයක් වැනි දෘෂ්ටි මායාවක් ඉදිරිපත් කරයි.


 
( රතු පැහැය - දකුණු දර්ශකය | නිල් පැහැය - වම් දර්ශකය )

  • වෙනස් දෘෂ්ටි කෝණ සහිත රූපාවලි දෙකක් එකකට පසු එකක් ලෙසින් තිරය මත දර්ශනය වේ.
  • කණ්ණාඩිය වෙත එවනු ලබන සංඥා මගින් එක් එක් රූප රාමුව දර්ශනය වන විට ඊට ප්‍රතිවිරුද්ධ ඇසෙහි කාචය අඳුරුකර දර්ශනය අවහිර කරයි.
  • තිරය මත දකුණු දර්ශනයට අදාළ රූප වලින් පෙනෙන විට වම් ඇස මත පිහිටි ද්වාරය වැසී අඳුරු වේ.
  • තිරය මත වම් දර්ශනයට අදාළ රූප වලින් පෙනෙන විට වම් ඇස මත පිහිටි ද්වාරය වැසී අඳුරු වේ.
  • තත්පරයක් තුල බොහෝ වාර ගණනක් මාරුවෙන් මාරුවට ඉහත අන්දමින් දෘෂ්ටිකෝණ වෙනස් වන මුත් මොළය විසින් එය අඛණ්ඩ එක් රූපාවලියක් ලෙස හඳුනාගෙන  ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි.

No comments:

Post a Comment