ඔයාගේ Android ගැජට් එකට එන්න පුළුවන් වයිරස් සෙට් එකක්............,

               මගේ කලින් බ්ලොග් ලිපියක Android  ගැන විස්තර කිව්වා ඔයාලට මතක ඇති,එහෙම නැත්තන් මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්නකෝ,
           සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින බහුතරයක් Smart Phone වලට OS එක වෙලා තියෙන්නේ Android,ඒ නිසාම අද වන විට Virus අසාදිත වීමේ හැකියාවත් වැඩි වෙලා තියෙනවා,
        අද මන් ඔයාලට දෙන්න යන්නේ මේ වන විට Android පද්ධතිය මත ක්‍රියාත්මක Virus කිහිපයක් ගැන විස්තර,

 
  
 
  •  Android.Trojan.FakeDoc.A
                               ඔබේ අතිශය පුද්ගලික තොරතුරු සොර ගැනීම සඳහා මෙම වයිරසය සමත්ය.ඔබේ Gmail ගිණුමට පිවිස ඔබ තොරතුරු හා Mail Address වෙනත් Server එකකට යැවීමට මොහු සමත්ය.මෙම වයිරසය "Battery Doctor" යන මෘදුකාංගයේ වේශයෙන් පෙනී සිටියි.

  •  Android.Exploit.RATC.A හෝ B 
                                       Android හි Root කිරීම යනු Security Warning වලින් තොරව ඔබේ  Android උපකරණය ක්‍රියාකරවීමට හැකි උපාංගයකි,මෙම වයිරසය Android උපකරණය පිවිස එහි Auto Root සක්‍රිය කොට වයිරසයට රිසි සේ Android Apps මකා දැමීමට හෝ Android පද්ධතියම මක දැමීමටත් මොහුට හැකියාව ඇත.

  •  Android.Trojan.SMSSend.G 
            ඔබේ Android උපකරණයෙන් නොනවත්වාම SMS යැවීමේ හැකියාව මෙම වයිරසය සතුය.

  •  Android.Hacktool.Faceniff.A
             ස්වයංක්‍රීයව Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ඒ මගින් Facebook Log වී සිටින්නන්ගේ User Name හා Password සොරකම් කිරීමට මොහුට හැකියාව ඇත.

  •  Android.Hacktool.DroidSheep.A
ආරක්ෂාව  නොයෙදූ Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ඒ මගින් E-mail වලට Log වී සිටින්නන්ගේ User Name හා Password සොරකම් කිරීමට මොහුට හැකියාව ඇත.

  •  Android.Trojan.FaceInst.AV
             ඔබේ Android උපකරණයෙන් SMS යැවීමට ඇති  මෘදුකාංගයකි.විශේෂත්වය යනු මෙය හැම විටම ඔහුගේ Icon එක වෙනස් කරමින් ක්‍රියා කරයි.

  • Dubbed.MMARKETpay.A
                          ඔබේ Android උපකරණයෙන් ස්වයංක්‍රීයව Apps මීලදී ගන්නා අතර ඒවා ඔබේ මාසික බිල් පතට එකතු වේ.එම නිසා ඔබට විශාල බිලක් ගෙවීමට සිදු වේ.වාසනාවකට මෙන් මෙම වෛරසය ක්‍රියාත්මක වන්නේ චීන ජංගම දුරකථන ජාල අතර පමණයි.
 

No comments:

Post a Comment