ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 5 පරිච්ඡේදය )

ලොජිකල් ඔපරේටර්ස්  ගැන දැනගමු,

 
        ඔබට සත්‍ය හෝ අසත්‍ය අස්ථාන ලැබීමට ජාවා ස්ක්‍රිප්ට් තුල ලොජිකල් ඔපරේටර්ස් භාවිතා කල හැක.

අපි  දැන් බලමු ලොජිකල් ඔපරේටර්ස් සංකේත පිළිබඳව,

  •  && And
        කෝඩ් කොටස් දෙකකට වඩා වැඩි නං ඔබට && භාවිතා කල හැක.මෙය ක්‍රියාත්මක වන්නේ දී ඇති කොන්දේසි දෙකම සත්‍යනම් පමණි.

පහත කරුණු අධ්‍යයනය කිරීමෙන් ඔබට මේ පිළිබඳ දැනුමක් ලැබේ.

  •     A වේරියබල් එක සත්‍ය වී  B වේරියබල් එක සත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.
  •    A වේරියබල් එක සත්‍ය වී  B වේරියබල් එක අසත්‍ය වූ විට  පිළිතුර අසත්‍ය වේ.
  •    A වේරියබල් එක අසත්‍ය වී  B වේරියබල් එක අසත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.
  •    A වේරියබල් එක අසත්‍ය වී  B වේරියබල් එක සත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.  

  •   ||or 
මෙයද භාවිතා කරන්නේ කෝඩ් කොටස් දෙකකට වැඩ භාවිතා කරන විටයි.
ලබාදී ඇති කොන්දේසි වලින් කිහිපයක් හෝ සියල්ලම සත්‍ය නම් මෙය ක්‍රියාත්මක වේ.

 පහත කරුණු අධ්‍යයනය කිරීමෙන් ඔබට මේ පිළිබඳ දැනුමක් ලැබේ.
  •   A වේරියබල් එක සත්‍ය වී  B වේරියබල් එක සත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.
  •    A වේරියබල් එක සත්‍ය වී  B වේරියබල් එක අසත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.
  •    A වේරියබල් එක අසත්‍ය වී  B වේරියබල් එක අසත්‍ය වූ විට  පිළිතුර අසත්‍ය වේ.
  •    A වේරියබල් එක අසත්‍ය වී  B වේරියබල් එක සත්‍ය වූ විට  පිළිතුර සත්‍ය වේ.  

  •  ! not
මෙය තනි කොන්දේසියක් සඳහා භාවිතා කරයි.
දී  ඇති කොන්දේසිය අසත්‍ය වූ විට පමණක් මෙය ක්‍රියාත්මක වේ.

 පහත කරුණු අධ්‍යයනය කිරීමෙන් ඔබට මේ පිළිබඳ දැනුමක් ලැබේ.


  •  A වේරියබල් එක සත්‍ය වූ විට පිළිතුර අසත්‍ය වේ.
  •  A වේරියබල් එක අසත්‍ය වූ විට පිළිතුර සත්‍ය වේ. 

පහත කෝඩ් එක අධ්‍යයනය මගින් මෙය පහසුවෙන් මෙය වටහා ගත හැක.

 
<html>
<body>
<h1>Logical Operators</h1>

<script type="text/javascript">
var a= Number(50);
var b= Number(100);
document.writeln(a>30 && b>30); 
document.writeln(a>30 || b>50);
document.writeln(!(a>b));

</script> 
</body> 
</html>



මෙය ඔබට මෙසේ දිස්වේ.

No comments:

Post a Comment