ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 2 පරිච්ඡේදය )


HTML වෙබ් පිටුවක් තුලදී ජාවාස්ක්‍රිප්ට් භාවිතා කරන ආකාරය

      අප මුලින්ම HTML තුල ජාවාස්ක්‍රිප්ට් කෝඩ් ලිවීමට උගත යුතු වේ.ඒ සඳහා මුලින්ම <script> ටැග් එක භාවිතා කල යුතු වේ.මෙම ටැග් එක භාවිත කරන අයුරු පහත පරිදි වේ.

 
<script type="text/javascript"> 
ඔබට අවශ්‍ය ජාවාස්ක්‍රිප්ට් කෝඩ් එක  
 </script>

මෙහිදී <script> ටැග් එකෙහි Type Attribute එක භාවිත කර ඇත.එසේ භාවිත කර ඇත්තේ script එක කුමන වර්ගයකට අයත් දැයි තේරීම සඳහායි.
"text/javascript" දක්වා ඇත්තේ සකස් කිරීමට යන්නේ ජාවාස්ක්‍රිප්ට් එකක් බව දැන්ව සිටී.
මෙය  මෙහි  Attribute එකෙහි අගයයි.
මෙය උදෘත පාඨ තුල ලිවිය යුතුයි (" ").
සියල්ල අවසානයේ   </script> ලෙස අවසන් කල යුතුය.
HTML මෙන්ම ජාවාස්ක්‍රිප්ට් ලිවීම සඳහාද නෝට් පෑඩය භාවිත කල හැක.

  
මගින් ඔබට නෝට් පෑඩයට පිවිසිය හැක.

මීළඟට අපි HTML වෙබ් පිටුවක් සඳහා සරල ජාවාස්ක්‍රිප්ට්  කෝඩ් එකක් ලියමු.


<html>
<head> 
<title> Hello,World! </title>
</head>
<body>
<script type="text/javascript">
alert("Hello,World!");
</script>

</body>
</html> 

මෙය නෝට් පෑඩයෙහි ටයිප් කොට පහත පරිදි  Save කරගන්න.





එම සකස් කරගත් වෙබ් පිටුව අපි දැන් වෙබ් බ්‍රව්සරයක් මගින් කියවමු,
මේ සඳහා ඔබ එම සකස් කරගත් වෙබ් පිටුව සේව් කල තැනට යන්න.එවිට ඔබට එය වෙබ් බ්‍රව්සරයක අයිකන් එක සේ පෙනෙයි.ඔබ එය ඩබල් ක්ලික් කල පසු මෙසේ දර්ශනය වේ.

 
 අප ලියු ජාවාස්ක්‍රිප්ට් ඒකට අනුව මෙසේ එම කෝඩ් එක මැසේජ් බොක්ස් එකක් ආකාරයෙන් පෙන්වයි.

            එසේම අප ලියු සංකේත වාක්‍යයක් ලෙස පෙන්වීම සඳහා අපි මෙහෙම කෝඩ් එකක් ලියමු.


<html>
<head> 
<title> Hello,World! </title>
</head>
<body>
<script type="text/javascript">
document.write ("Hello,World!")
</script> 

</body>
</html>

කලින් සේව් කල අකාරයටම මෙයත් සේව් කරගන්න.කලින් අප ලබා දුන්නේ Alert Method එක වෙනුවට අප දැන් ලබා දුන්නේ Document.Write Method එකයි.

මෙවර ඔබට පහත පරිදි.




(3 පරිච්ඡේදය)
ජාවාස්ක්‍රිප්ට් වෙරියබල්,ඩේටා ටයිප් සහ ඇරේ ගැන දැනගමු.

 

  
 













No comments:

Post a Comment